චීන ජනපති සහ නවසීලන්ත අගමැති අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා නවසීලන්ත අග්‍රාමාත්‍ය Christopher Luxon මහතා හමුවෙයි. ‍ඒ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී  අද (20) පෙරවරුවේ ය.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 50 කට වැඩි කාලයක් තුළ චීනය සහ නවසීලන්තය අතර ස්ථාවර හා කාර්යක්ෂම සම්බන්ධතාවයක් පවතින බව ෂී ජින් පිං මහතා එම හමුවේදී පෙන්වා දුන්නේය.

ඉදිරි වසර 10 තුළ දෙපාර්ශ්වය එක්ව වැඩි සංවර්ධනයක් ප්‍රවර්ධනය කළ යුතුය. එසේම වෙළඳාම, ආයෝජන, විද්‍යාව හා තාක්ෂණය සහ දේශගුණික විපර්යාස යනාදී ක්ෂේත්‍රයන් හි සහයෝගීතා විභවයන් ගැඹුරු කරමින් මානව හා සංස්කෘතික හුවමාරු තහවුරු කිරීම ප්‍රවර්ධනය සඳහා දෙපාර්ශ්වම ඒකාබද්ධව උත්සාහ දැරිය යුතු බව ෂී ජින් පිං මහතා කියා සිටියේය. දෙපාර්ශ්වය දෙරට අතර ඇති වෙනස්කම් හා මතභේද නිවැරදිව සලකා ඒවා නිසි ලෙස හසුරුවා ගත යුතු අතර බහුපාර්ශ්විකත්වය සහ ජාත්‍යන්තර සාධාරණත්වය හා යුක්තිය ඒකාබද්ධව ආරක්ෂා කළ යුතු බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

චීනය සමඟ සබඳතා වෙනුවෙන් විශාල වැදගත්කමක් දක්වන නවසීලන්තය, එකම චීනය ප්‍රතිපත්තිය අඛණ්ඩව අනුගමනය කරන බව Christopher Luxon මහතා එහිදී කියා සිටියේය. ද්විපාර්ශ්වික ආර්ථික, වෙළඳාම සහ කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍රයන් හි සහයෝගීතා පුළුල් කිරීමට නවසීලන්තය සූදානමින් සිටී. ලබන වසරේ චීනයේ දී APEC සමුළුව පැවැත්වීමට තම රට සහාය වන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.