මැදපෙරදිග තත්ත්වය උත්සන්න වීම පිළිබඳව චීනය දැඩි කනස්සල්ලට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා ප්‍රකාශ කරයි. ඔහු එසේ ප්‍රකාශ කළේ ඊයේ(19) චීන මාධ්‍ය සමූහයේ වාර්තාකරුවෙකු සමග සිදු කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ය.
ඉරානය සහ ඊශ්‍රායලය වහාම ගැටුම් නතර කර සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සහතික කළ යුතු බව ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රධාන ධාරාවේ පොදු මතය බව ඔහු කියාසිටියේය. න්‍යෂ්ටික ගැටළුව විසඳිය හැක්කේ සාකච්ඡා මාර්ගයෙන් පමණි. ඒ අනුව යමින් ආරක්ෂක මණ්ඩලය ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගත යුතු බව ද චීන නියෝජිතයා ප්‍රකාශ කර ඇත.