ද්විත්ව ජයග්‍රහණය හෝ ද්විත්ව පරාජය යනු චීනය හා ඇමරිකාව ඉදිරියේ ඇති මාර්ග දෙකක්– ඇමරිකාවේ චීන තානාපති

ඇමරිකා-චීන වෙළඳ කවුන්සිලය පසුගියදා(18) වොෂින්ටනයේදී 2025 වාර්ෂික සැමරුම් රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වීය. ඇමරිකාවේ චීන තානාපති Xie Feng මහතා ඇරයුමකට අනුව ඊට සහභාගී වී දේශනයක් පැවැත්වීය.

 වත්මන් චීන-ඇමරිකානු සබඳතා තීරණාත්මක අවස්ථාවක පවතින බව ඔහු එහිදී පෙන්වා දුන්නේය. ද්විත්ව ජයග්‍රාහී සහයෝගීතාව හෝ ද්විත්ව පරාජය යනු දෙරට ඉදිරියේ ඇති සම්පූර්ණයෙන්ම වෙනස් මාර්ග දෙකකි. රාජ්‍ය නායකයින්ගේ උපායමාර්ගික මඟපෙන්වීමට අනුගත විය යුතු අතර, නායක දෙපළ අතර දුරකථන සංවාදවලින් ඇති කරගත් වැදගත් එකඟතාවය එසේම ක්‍රියාත්මක කළ යුතුය. චීනය අවංක හා ප්‍රතිපත්තිගරුක ආකල්පයක සිටී. චීනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා, ඉක්මවා යා නොහැකි සීමාවන් ය. අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය සහ පොදු ජයග්‍රාහී සහයෝගීතාවය පිළිපැදිය යුතු මූලධර්ම බව ඇමරිකාවේ චීන තානාපතිවරයා එහිදී අවධාරණය කර ඇත.