චීන ජනතාව ජපන් ආක්‍රමණයට එරෙහි යුද්ධය සහ ලෝකවාසීන් ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරය වෙනුවෙන් සැමරුම් උත්සව මාලාවක්

චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය ඊයේ (24) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් චීන ජනතාව ජපන් ආක්‍රමණයට එරෙහි යුද්ධය සහ ලෝකවාසීන් ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන සැමරුම් උත්සව මාලාව හඳුන්වා දුන්නේය.

චීන ජනතාව ජපන් ආක්‍රමණයට එරෙහි යුද්ධය සහ ලෝකවාසීන් ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සර සැමරුම් උත්සවය ලබන සැප්තැම්බර් මස 3 වනදා පෙරවරුවේ බෙයිජිංහි Tian’anmen චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිත ය. එහිදී හමුදා උත්තමාචාරයක් ද පැවැත්වෙනු ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා එම සැමරුමේදී වැදගත් දේශනයක් සිදු කරනු ඇත.

චීන ජනතාව ජපන් ආක්‍රමණයට එරෙහි යුද්ධය සහ ලෝකවාසීන් ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සර අනුස්මරණ සැමරුම් උත්සවයේදී එම යුද්ධයට එක්වූ වියපත් භටයන්, ජනරාල්වරුන් හෝ ඔවුන්ගේ ඥාතීන් වෙත “චීන ජනතාව ජපන් ආක්‍රමණයට එරෙහි යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සර” අනුස්මරණ පදක්කම් පිරිනැමෙනු ඇත.

ලබන ජූලි මස 7 වනදා චීන ජනතාව ජපන් ආක්‍රමණයට එරෙහි යුද්ධය ජයගැනීමේ අනුස්මරණ ශාලාවේදී ජපාන ආක්‍රමණයන්ට එරෙහි චීන සංග්‍රාමයේ 88 වැනි සංවත්සර උත්සවය පැවැත්වීමට නියමිත ය.

ලබන ඔක්තොබර් මස 25 වනදාට ආසන්න කාලයේ චීන තායිවාන ප්‍රදේශය ජපන් යටත් විජිතයෙන් නිදහස් කර ගැනීමේ 80 වැනි  සැමරුම පැවැත්වෙනු ඇත. එතෙර චීන ජාතිකයන් අදාළ අනුස්මරණ උත්සවය වෙනුවෙන් පුළුල් සහයෝගය දක්වන බවද ප්‍රකාශ කෙරිණ.

එම උත්සව ඇතුළු චීන ජනතාව ජපන් ආක්‍රමණයට එරෙහි යුද්ධය සහ ලෝකවාසීන් ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සර සැමරුම් වැඩසටහන් 10ක් සංවිධාන කර තිබේ.