චීනයේ සංචාරයක නිරත ඉක්වදෝර ජනපති Daniel Noboa මහතා ඊයේ (24) චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා හමු විය.
Tianjin නගරයේ පැවැත්වෙන 2025 ගිම්හාන ඩාවෝස් සංසදයට සහභාගී වීම සඳහා චීනයට පැමිණ සිටින අතරවාරයේ ඉක්වදෝර ජනපතිවරයා මෙලෙස Li Qiang මහතා හමුව ඇත.
වසර 45 කට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු, චීන-ඉක්වදෝර සබඳතා යහපත් සංවර්ධන ගම්යතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවත්, දේශපාලන වශයෙන් අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කර ඇති බවත්, ප්‍රායෝගික සහයෝගීතාවය ඵලදායී ප්‍රතිඵල අත්කර ගෙන ඇති බවත් ඒ ඔස්සේ දෙරට අතර ද්විපාර්ශ්වික මිත්‍රත්වය ගැඹුරු වී ඇති බවත් චීන අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.
එමෙන්ම සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමටත්, අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහයෝගීතාව පුළුල් කිරීමටත්, චීන-ඉක්වදෝර පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය අඛණ්ඩව ගැඹුරු කිරීම ප්‍රවර්ධනය කිරීමට සහ දෙපාර්ශ්වයේම නවීකරණ ක්‍රියාවලියට වැඩි ශක්තියක් එක් කිරීමටත් චීනය ඉක්වදෝරය සමඟ කටයුතු කිරීමට සූදානම් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
එමෙන්ම සැබෑ බහුපාර්ශ්විකත්වය ක්‍රියාත්මක කිරීමට සහ ලෝක සාමය සහ සංවර්ධනය පවත්වා ගැනීමට මෙන්ම මානව වර්ගයා සඳහා හුවමාරු සහයෝගීතාවයෙන් යුත් අනාගතයක් ගොඩනැගීම ප්‍රවර්ධනය වෙනුවෙන් ධනාත්මක දායකත්වයක් ලබා දීමට ද චීනය සූදානම් බව චීන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත.
මෙහිදී අදහස් දක්වමින් ඉක්වදෝර ජනපති Daniel Noboa මහතා සඳහන් කළේ, ඉක්වදෝරයේ දෙවන විශාලතම වෙළඳ හවුල්කරුවා වන චීනය සමඟ අන්‍යෝන්‍ය සහයෝගීතාවය ඉතා ඵලදායී ලෙසින් තම ජනතාවගේ යහපැවැත්ම වැඩිදියුණු කර ඇති බව ය.

මේ අතර, 2025 ගිම්හාන ඩාවෝස් සංසදයට සහභාගී වීම සඳහා චීනයට පැමිණ සිටින වියට්නාම අග්‍රාමාත්‍ය Pham Minh Chinh මහතා ද ඊයේ (24) චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා හමු විය.
මෙහිදී අදහස් දක්වමින් චීන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, චීනය සහ වියට්නාමය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75 වන සංවත්සරය සනිටුහන් කරනු ලබන මෙම වසර වන විටත් දෙරටෙහි සහෝදරයන් අතර ගැඹුරු මිත්‍රත්වය කාලයත් සමඟ ස්ථිරව හා නැවුම්ව පවතින බව ය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් සහ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් පසුගිය අප්‍රේල් මස වියට්නාමයේ සිදු කළ සාර්ථක සංචාරයෙන් පසු, චීනය සහ වියට්නාමය අතර පුළුල් උපායමාර්ගික සහයෝගීතාව තවදුරටත් දියුණු වී ඇති බව හෙතෙම මෙහිදී අවධාරණය කළේ ය.
එමෙන්ම වත්මන් ජාත්‍යන්තර තත්වයේ අස්ථාවර සහ අවිනිශ්චිත සාධක තවමත් වැඩි වෙමින් පවතින බව පෙන්වා දුන් Li Qiang මහතා, චීනය සහ වියට්නාමය වඩාත් සමීපව එක්සත් විය යුතු බවත්, උපායමාර්ගික සන්නිවේදනය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව වැඩි දියුණු කළ යුතු බවත් එය දෙපාර්ශවයටම පමණක් නොව කලාපයට සහ ලෝකයටම ප්‍රයෝජනවත් බවත් පැවසීය.
මෙහිදී අදහස් දක්වමින් වියට්නාම අග්‍රාමාත්‍ය Pham Minh Chinh මහතා සඳහන් කළේ, චීන ජනාධිපතිවරවා විසින් යෝජනා කරන ලද ප්‍රධාන ගෝලීය මුලපිරීම් තුනට වියට්නාමය ස්ථිර ලෙස සහාය දක්වන අතර චීනය සමඟ බහුපාර්ශ්වික සහයෝගීතාව ආරක්ෂා කරමින් එය ශක්තිමත් කිරීමටත් බලාපොරොත්තු වන බවය.