දින 6ක් පැවති 9 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඊයේ (24) අවසන් විය.
මෙවර චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයේදී ආයෝජන සහයෝගිතා ව්‍යාපෘති 31ක් අත්සන් තබා ඇත. එහි සමස්ත ආයෝජන ප්‍රමාණය චීන යුවාන් බිලියන 13.6ක් පමණ ය. එය 8 වැනි ප්‍රදර්ශනයේ අගයට වඩා සියයට 33ක වර්ධනයකි.

9 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයේ විධායක කමිටුවේ උප ප්‍රධානී Li Chaowei මහතා පැවසුවේ මෙවර ප්‍රදර්ශනයෙන් ප්‍රායෝගික මෙන්ම නිර්මාණශීලි ලෙස ආර්ථික හා වෙළඳ සහයෝගිතා ප්‍රවර්ධනය කර ඇති බවයි. ඊයේ (24) දහවල් 12 වනවිට මෙවර ප්‍රදර්ශනය හරහා ගිවිසුම් 150ක් අත්සන් කර ඇති අතර වෙළඳ ගනුදෙනු ප්‍රමාණය යුවාන් බිලියන 8.47 ඉක්මවා ඇත. ප්‍රදර්ශනය චීනය හා ආසියානු රටවල් ගැඹුරින් සහයෝගිතා පැවැත්වීමේ සංකේතවත් වේදිකාවක් බවට පත්ව ඇති බව Li Chaowei මහතා පැවසීය.