දිගුකාලීන හා ඵලදායී සටන් විරාමයක් ක්‍රියාත්මක වීමෙන්, මැදපෙරදිග සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අද(25) පැවති මාධ්‍ය හමුවකදී මැදපෙරදිග තත්ත්වය සහ චීන-ඉරාන සබඳතා පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළේ ය.
මැදපෙරදිග තත්ත්වය කෙරෙහි චීනය වැඩි අවධානයක් යොමු කරන බව ඔහු පැවසීය. චීන සහ ඉරාන ජනතාව අතර සාම්ප්‍රදායික මිත්‍රත්වයක් පවතී. දෙරට ජනතාවට ප්‍රතිලාභ ලබා දීම සඳහා, ඉරානය සමග මිත්‍ර සහයෝගීතා පවත්වා ගෙන යාමට මෙන්ම, මැදපෙරදිග සාමය සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා ධනාත්මක සහායක් ලබා දීමට ද, චීනය කැමැත්තෙන් සිටින බව, Guo Jiakun මහතා එහිදී සඳහන් කළේ ය.