මානව හිමිකම් ප්‍රවර්ධනය වෙනුවෙන් චීනය ඉදිරිපත් කළ යෝජනාවක් ඒකමතිතව සම්මත වේ


“සියලු මානව හිමිකම් භුක්ති විඳීම සඳහා සංවර්ධනයේ දායකත්වය” අවධාරණය කරමින් චීනයේ මූලිකත්වයෙන් ඉදිරිපත් කළ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඒකමතිකව සම්මත කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 80 වන සංවත්සරය නිමිත්තෙන්, එහි මානව හිමිකම් කවුන්සිලයේ පැවති 59 වන සැසිවාරය තුළ, චීනය මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ සෙසු රටවල් 42ක සහයෝගය ද ඇතිවයි.

2017 වසරේ දී චීනය මුල්වරට මෙම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු, ඡන්ද විමසීමකින් තොරව, සාකච්ඡා මාර්ගයෙන් පමණක් එය මෙවර ඒකමතිකව සම්මත වීම කැපී පෙනුණා.

එක්සත් ජාතීන්ගේ ජිනීවාහි කාර්යාලය සහ ස්විට්සර්ලන්තයේ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන නියෝජනය කරනු ලබන චීන නිත්‍ය නියෝජිත Chen Xu මහතා එහිදී පෙන්වා දුන්නේ, සියලු මානව හිමිකම් භුක්ති විඳීම සඳහා සංවර්ධනයේ වැදගත් දායකත්වය මෙම යෝජනාව මගින් නැවත අවධාරණය කරන බවයි.

ජනතාව කේන්ද්‍ර කරගත් ගුණත්මක සංවර්ධනය තුළින් යහපත් ජීවිතයක් සඳහා ජනතාවගේ නව අවශ්‍යතා සපුරාලීම සඳහා මෙන්ම, සියලු මානව හිමිකම් සාක්ෂාත් කිරීම ප්‍රවර්ධනය සඳහා ද, ධනාත්මක බලපෑමක් සිදු කරනු ඇතැයි, මෙම යෝජනාව අවධාරණය කරන බව, Chen Xu මහතා සඳහන් කළා.

මෙම යෝජනාව මගින්, සැබෑ බහුපාර්ශ්විකත්වය පුනර්ජීවනයටත්, ගුණත්මක සංවර්ධනයක් ඇති කිරීමට මෙන්ම, සියලු මානව හිමිකම් ප්‍රවර්ධනය කර ආරක්ෂා කිරීමටත් , අදාළ රටවල් සමඟ කටයුතු කිරීමට චීනය අපේක්ෂා කරන බව, Chen Xu මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියා.

කැමරූන් රාජ්‍යය සහ පාකිස්තානය ඇතුළු රටවල් 42කගේ දායකත්වයෙන් චීනය ඉදිරිපත් කළ මෙම යෝජනාව සංවර්ධනය වෙමින් පවතින රටවල අතිමහත් බහුතරයකගේ පොදු අපේක්ෂාවන් පිළිබිඹු කරන්නක් වන බවයි එක්සත් ජාතීන්ගේ වාර්තාවල දැක්වෙන්නේ.