කෘත්රිම බුද්ධිය හා අඩු උන්නතාංශ ආර්ථිකය යන සහයෝගිතා ප්රවර්ධනය කිරීම සඳහා ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ප්රමිතිකරණ සහයෝගිතා යාන්ත්රණයක් ස්ථාපිත කරයි.
චීනයේ Qingdao නගරයේ පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ප්රමිතිකරණ සහයෝගිතා සමුළුවේදී මේ බව ප්රකාශ කෙරිණ. “ෂැංහැයි සහයෝගිතා සංවිධානයේ ජාතික ප්රමිතිකරණ ආයතනයන්හි එම සහයෝගිතා තහවුරු කිරීම පිළිබඳ Qingdao මුලපිරුම” එහිදී අනුමත කෙරිණ. ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාමු තුළ ප්රථම වරට ප්රමිතිකරණ සහයෝගිතා යාන්ත්රණයක් ඉන් ස්ථාපිත කර ඇත.
මේ සම්බන්ධයෙන්, චීන ජාතික වෙළඳපොලේ නිරීක්ෂණ හා පරිපාලන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ ප්රධාන ක්ෂේත්රවල තාක්ෂණ ප්රමිතිකරණ සහයෝගිතා කාරක සභාව ස්ථාපිත කිරීම එම යෝජනාව ප්රවර්ධනය කරන බවයි. සාමාජික රටවල කෘත්රිම බුද්ධිය, අඩු උන්නතාංශ ආර්ථිකය යන ප්රධාන ක්ෂේත්රවල ප්රමිතිකරණ සහයෝගිතා පවත්වා සාමාජික රටවල් අතර ප්රමිතීන් සම්බන්ධ කිරීම තහවුරු කරන බවද එහිදී ප්රකාශ කෙරිණ.