ගෝලීය ශිෂ්ටාචාර සංවාද අමාත්‍ය සමුළුවේ සමාරම්භක උත්සවය බෙයිජිං හි දී ඇරඹේ

ගෝලීය ශිෂ්ටාචාර සංවාද අමාත්‍ය සමුළුව ඊයේ (10) පස්වරුවේ බෙයිජිං නගරයේ ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ ප්‍රධානී Li Shulei මහතා එම සමාරම්භක උත්සවයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සමුළුවට යොමු කළ සුබ පැතුම් පණිවිඩය ඉදිරිපත් කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජික, ලේකම් කාර්යාලයේ ලේකම් Cai Qi මහතා එම උත්සවයට එක් වෙමින් ප්‍රධාන දේශනයක් පැවැත්වීය.

වසර දෙකකට වැඩි කාලයකට පෙර, ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුමට ජාත්‍යන්තර ප්‍රජාවෙන් උණුසුම් හා ධනාත්මක ප්‍රතිචාරයක් හිමි වූ බව Cai Qi මහතා එහිදී පැවසීය.

සියවසක ගෝලීය වෙනස්කම් හමුවේ, ශිෂ්ටාචාරවල විවිධත්වය පවත්වා ගෙන ලෝක සාමය හා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ කාර්යය අතිශයින් දුෂ්කර ය. නව ඓතිහාසික සන්ධිස්ථානයක සිටින විවිධ රටවල්, සංවර්ධන මාර්ගවල විවිධාංගීකරණය පිළිබඳ ගවේෂණය සහ සංස්කෘතික උරුමය හා නවෝත්පාදනයන් ඒකාබද්ධව ශක්තිමත් කළ යුතු යැයි Cai Qi මහතා අවධාරණය කළේය. එසේම විවිධ රටවල් අතර සංස්කෘතික හා මානව හුවමාරු ශක්තිමත් කොට විවිධාකාර ගෝලීය ශිෂ්ටාචාර සංවාද සහ සහයෝගිතා ජාලයක් ගොඩනැගීම ප්‍රවර්ධනය කළ යුතු බව ද හෙතෙම එහිදී වැඩිදුරටත් පැවසීය.