මියන්මාරයේ ආර්ථික සංවර්ධනය හා ජන ජීවිතය ඉහළ නංවාලීම සඳහා සහාය ලබාදීමට චීනය සූදානම්–චීන ජනපති

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ මියන්මාර ජනාධිපති Min Aung Hlaing මහතා අතර සාකච්ඡාවක් පැවැත්වේ. ඒ අද(16) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදීය.

Min Aung Hlaing ජනාධිපතිවරයා දිගුකාලීනව චීනයට මිත්‍රශීලි ප්‍රතිපත්තියක් මත කටයුතු කළ බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දෙයි. තමා Min Aung Hlaing මහතා සමග එක්ව දෙරට අතර සුවිශේෂ සහෝදර මිත්‍රත්වය අනුව විස්තීර්ණ උපායමාර්ගික සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට කැමැත්තෙන් සිටින බව ද ඔහු කියාසිටියේය. මේ තුළින් කලාපීය හා ලෝක සාමය හා සංවර්ධනයට වැඩි දායකත්වය ලබා දෙමින් දෙරටේ ජනතාවට වඩා වැඩි සුබසෙත ගෙනදීමට අපේක්ෂා කරන බව ද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කර ඇත.

මෙම වසර චීනයේ 15 වන පස් අවුරුදු සැලැස්මේ ආරම්භය සනිටුහන් කරයි. චීනය මියන්මාරය සමඟ සංවර්ධන අත්දැකීම් බෙදා ගනිමින්, දේශපාලනික මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය විශ්වාසය, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සංවර්ධනය, සම්බන්ධීකරණ ආරක්ෂාව, සංස්කෘතික හුවමාරුව සහ අන්‍යෝන්‍ය අධ්‍යයනය පිළිබඳ පොදු ඉරණමක් සහිත චීන-මියන්මාර ප්‍රජාවක් ඒකාබද්ධව ගොඩනැගීමට කැමැත්තෙන් සිටින බව චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි.

චීන-මියන්මාර ආර්ථික කොරිඩෝව යනු, එක් තීරයක්  එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීමේදී දෙරටේ ප්‍රමුඛ ව්‍යාපෘතියකි. මියන්මාරයේ ආර්ථික සංවර්ධනය සහ ජනතාවගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීම සඳහා, දෙපාර්ශ්වය ආරක්ෂාව සහතික කිරීමේ පදනම මත, දැවැන්ත සහයෝගිතා ව්‍යාපෘති ඉදිකිරීම ස්ථාවරව ඉදිරියට ගෙන යා යුතුය. මියන්මාරයට බලපෑ භූමිකම්පාවෙන් පසු සංවර්ධන කටයුතු සඳහා සහයෝගය ලබා දෙන අතර, ජන ජීවිතය යහපත් කරලීමේ සුළු පරිමාණ ව්‍යාපෘති වැඩියෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ආධාර සැපයීමට චීනය කැමැත්තෙන් සිටී. දෙරටේ ජනතාවගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව ඵලදායී ලෙස ආරක්ෂා කරමින්, දෙපාර්ශ්වය මාර්ගගත සූදුව, විදුලි සංදේශ වංචා, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ ක්‍රියාකාරකම් අඛණ්ඩව මර්දනය කළ යුතුය. 

උතුරු මියන්මාරයේ කල් පවතින සාමය සහ ස්ථාවරත්වය සඳහා, මියන්මාරයේ විවිධ පාර්ශ්වයන්ට සාකච්ඡා හරහා සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට චීනය සහාය දක්වයි. එය, මියන්මාරයේත් එරට ජනතාවගේත් මූලික සහ දිගුකාලීන අයිතිවාසිකම්වලට ගැලපෙන බව ද චීන ජනාධිපතිවරයා කියා සිටියේය.

මියන්මාරයේ සංවර්ධනය, ස්ථාවරත්වය, සාමය සහ සංහිඳියාව සඳහා චීනය ලබා දෙන දිගුකාලීන පරාර්ථකාමී සහයෝගය සම්බන්ධයෙන් මියන්මාරය චීනයට කෘතඥතාව පළ කරන බවත්, තම රට එකම චීනය මූලධර්මයෙහි ස්ථිර‍ ලෙස එල්බ සිටින බවත් මියන්මාර ජනාධිපති Min Aung Hlaing මහතා එම සාකච්ඡාවේදී පැවසීය. චීනයේ 15වන පස් අවුරුදු සැලැස්ම, මියන්මාරය ඇතුළු අසල්වැසි ආසියානු රටවලට වැදගත් අවස්ථා  උදා කර දී ඇත. චීනය සමඟ අංගසම්පූර්ණ සහයෝගීතාව ශක්තිමත් කරමින්, මියන්මාර – චීන ආර්ථික කොරිඩෝව ඒකාබද්ධ ව ගොඩනැගීමටත්, වෙළඳ හා ආයෝජන මට්ටම් වැඩි දියුණු කිරීමටත් මියන්මාරය බලාපොරොත්තු වේ. ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය මුලපිරුම් හතරට මියන්මාරයේ පූර්ණ සහාය හිමි වේ. බහුපාර්ශ්වික අවස්ථාවලදී චීනය සමඟ සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට මියන්මාරය කැමති බව ද එරට ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.