කලාපීය සහයෝගීතාවයේ ASEAN හි කේන්ද්‍රීය භූමිකාව වෙනුවෙන් චීන-රුසියා සහය අඛණ්ඩව

උපායමාර්ගික සම්බන්ධීකරණය අඛණ්ඩව ප්‍රවර්ධනය සහ දෙරටෙහි ආරක්ෂාව හා සංවර්ධන අවශ්‍යතා ආරක්ෂා කිරීම වෙනුවෙන් රුසියාව සමඟ කටයුතු කිරීමට චීනය සූදානම් බව චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ද වන ඔහු, රුසියානු විදේශ අමාත්‍ය Sergey Lavrov මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කළේය. 

චීනය සහ රුසියාව අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ASEAN) වැදගත් සංවාද හවුල්කරුවන් බව සඳහන් කළ Wang Yi මහතා, නැගෙනහිර ආසියානු සහයෝගීතා වේදිකාවන් හි ද උපායමාර්ගික සම්බන්ධීකරණය ශක්තිමත් කළ යුතු බව මෙහිදී අවධාරණය කරනු ලැබීය.

එමෙන්ම ASEAN කේන්ද්‍ර කරගත්, විවෘත හා සියල්ල ඇතුළත් කලාපීය සහයෝගීතා ක්‍රමවේදයකට සහාය දිය යුතු බවත්, නැගෙනහිර ආසියානු සමුළුවේ සහ ASEAN කලාපීය සංසදයේ නිවැරදි දිශානතිය තහවුරු කරමින් එය ගෝලීය සංවර්ධනය සඳහා ප්‍රධාන ධනාත්මක බලවේගයක් බවට පත් කළ යුතු බවත් හෙතෙම පැවසීය. 

තවද, කලාපීය සහයෝගීතාවයේ ASEAN හි කේන්ද්‍රීය භූමිකාව වෙනුවෙන් දෙරටම සහාය දෙන බව සඳහන් කළ චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා අවධාරණය කර සිටියේ, ආසියා-පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට කැපවෙමින්, කලාපයේ බෙදීම් වැපිරීමට සහ ගැටුම් ඇති කිරීමට ඇතැම් ප්‍රධාන බලවතුන් දරන උත්සාහයන්ට එරෙහිව සුපරීක්ෂාකාරීව සිටිය යුතු බව ය.

අනතුරුව Wang Yi මහතා, බංග්ලාදේශයේ තාවකාලික රජයේ විදේශ කටයුතු භාර ප්‍රධානී Touhid Hossain සහ ජපාන විදේශ ඇමති Takeshi Iwaya යන මහත්වරුන් ද හමු විය.