“තායිවාන බෙදුම්වාදීන්” හමුදාමය බලයෙන් සන්නද්ධව ප්‍රකෝපකාරී ලෙස හැසිරීමෙන් අවසානයේ තමන්වම විනාශ කර ගනු ඇති බව චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක කර්නල් Jiang Bin මහතා පවසයි. අද (14) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේ දී වාර්තාකරුවෙකු මේ සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් Jiang Bin මහතා ඒ බව පැවසීය.
වාර්තාවලට අනුව, තායිවාන ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු පිළිබඳ ප්‍රධානියා මෑතකදී ප්‍රකාශ කළේ තායිවානය තුළ පළමු HIMARS බහු රොකට් මිසයිල ඒකකයක් ස්ථාපිත කර ඇති බවත්, එමඟින් තායිවාන හමුදාවේ නිරවද්‍ය ප්‍රහාරක හැකියාව සහ සමස්ත ආරක්ෂක කාර්යක්ෂමතාව ඵලදායී ලෙස වැඩි දියුණු කරන බවත් ය. ඊට අමතරව,තායිවානයේ ආරක්ෂක ආයතනය ඇමරිකාවෙන් M109A7 ස්වයං-ප්‍රචාලක හොවිට්සර් අවි 168ක් මිලදී ගැනීමට අනුමැතිය ලබා දුන්නේය.
තායිවාන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ බලධාරීන් “බෙදුම්වාදය සඳහා ඇමරිකාව මත යැපීමට” සහ “තායිවානය විකුණා දැමීම සඳහා ඇමරිකාවෙන් අනුග්‍රහය ලබා ගැනීමට” පවා උත්සාහ කළහ. එය තායිවාන ජනතාවගේ මුදල්, ඇමරිකාවට ආරක්ෂක ගාස්තු ගෙවීමට යොමු කිරීමක් බවත්,ඔවුන් ධෛර්යමත් වීමට ඇමරිකාවේ අවි ආයුධ භාවිතා කරන බවත්, එය සම්පූර්ණයෙන්ම වැරදි අදහසක් බවත් Jiang Bin මහතා පැවසීය. එමෙන්ම සාමකාමීව යළි එකමුතු වීමේ ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කරමින් හමුදාමය බලය පෙන්වීමට යාම මාරාන්තික අවසානයක් බව ද ඔහු අවධාරණය කළේය.