චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(15) උදෑසන බෙයිජිං මහජන මහා ශාලාවේදී, විදෙස් රටවල නියෝජිත කණ්ඩායම් ප්‍රධානීහු හමුවූහ. ශැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍ය කවුන්සිල රැස්වීමට සහභාගී වීම සඳහා, ඒ ඒ රටවල විදේශ අමාත්‍යවරුන් සහ ස්ථිර ආයතන ප්‍රධානීන් චීනයට පැමිණ සිටී.
ශැංහයි සහයෝගිතා සංවිධානය ස්ථාපිත කිරීමෙන් පසු ගත වූ වසර 24 තුළ, සැමවිටම “ශැංහයි ජීවගුණය” පවත්වා ගෙන ගොස් ඇති බව, ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. යුගයේ ප්‍රවණතාවයට අනුකූල වෙමින් සියලු පාර්ශ්වයන්ගේ අවශ්‍යතා සපුරාලන කලාපීය සහයෝගීතා මාවතකට, ශැංහයි සහයෝගිතා සංවිධානය සාර්ථකව අවතීර්ණ වී තිබේ. මෙය නවමු ආකාරයේ ජාත්‍යන්තර සබඳතා සඳහා ආදර්ශයක් ස්ථාපිත කර ඇතැයි, ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ ය.
සංකීර්ණ හා අස්ථාවර ජාත්‍යන්තර තත්ත්වය හමුවේ, ශැංහයි සහයෝගිතා සංවිධානය ලෝකයට වැඩි ස්ථාවරත්වයක් සහ ධනාත්මක ශක්තියක් ලබා දිය යුතු බව, චීන ජනාධිපතිවරයා අවධාරණය කළේ ය. මේ සඳහා, සිය මුල් අභිප්‍රාය දැඩි ව අනුගමනය කර, “ශැංහයි ජීවගුණය” අඛණ්ඩව ව්‍යාප්ත කරමින් ඉදිරියට ගමන් කළ යුතු ය. එසේම ජනතාවගේ අපේක්ෂාවන්ට නිසි ලෙස ප්‍රතිචාර දැක්විය යුතු අතර, සහයෝගීතාවන් පුළුල් කරමින් ඒවා සක්‍රීය ව ක්‍රියාත්මක කළ යුතු ය. තවද, නව යුගයේ වගකීම් මැනවින් භාර ගනිමින්, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමේ දී සක්‍රීය කාර්යභාරයක් ඉටු කළ යුතු ව ඇත. අධිපතිවාදී හැසිරීම්වලට දැඩි ලෙස විරුද්ධ විය යුතු බවත්, වඩාත් සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් ස්ථාපිත කිරීම ප්‍රවර්ධනය කළ යුතු බවත්, ෂී ජින් පිං මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.