මධ්‍යම නාගරික සංවර්ධන කාර්ය පිළිබඳ දෙදින සමුළුව අද(15) දක්වා බෙයිජිං හිදී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී වැදගත් දේශනයක් පළ කරමින් නව යුගයට ප්‍රවේශ වී චීනයේ නාගරික සංවර්ධන ක්‍රියාමාර්ගයේ ඇති කරගත් ජයග්‍රහණයන් සමාලෝචනය කරමින් අනාගත සංවර්ධන කාර්යයන් සම්බන්ධයෙන් උපදෙස් දුන්නේය. නාගරික සංවර්ධනය සඳහා වර්තමානයේ සහ අනාගතයේ දී, චීන කොමියුනිස්ට් පක්ෂයේ පූර්ණ නායකත්වයෙන්, නිර්මාණශීලී, යහජීවනය, සුන්දරත්වය, ශක්‍යතාවය, ශිෂ්ට සම්පන්න සහ බුද්ධිමය බවින් යුතු නවීන ලක්ෂණ සහිත ජනහිතකාමී නගර බිහි කිරීම අරමුණු කර ගනිමින් උසස් මට්ටමේ නාගරික සංවර්ධනය ඉදිරියට ගෙන යමින් චීන අනන්‍යතා සහිත නාගරික නවීකරණය වෙනුවෙන් අලුත් මාවතක් යොමු කළ යුතු යැයි චීන ජනපති එහිදී අවධාරණය කර ඇත.
නාගරික සංවර්ධන කාර්යයන් පිළිබඳ වැඩපිළිවෙළ හතක් එම අවස්ථාවේදී ද ඉදිරිපත් කෙරිණ. පළමුවැන්න, නූතන නාගරික පද්ධතිය යහපත් කිරීමට අවධානය යොමු කිරීමයි. දෙවැන්න, ජීවගුණයෙන් පිරි නිර්මාණශීලි නගරයක් ගොඩනැගීමයි. සුවපහසු මෙන්ම ජනහිතකාමී නගරයක් බිහිකිරීම සහ හරිත මෙන්ම අඩු කාබන් සහිත ලස්සන නගරයක් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව එහි සඳහන් වූ තවත් කරුණු දෙකකි. පස්වැන්න, සුරක්ෂිත මෙන්ම විශ්වාසදායක බල සම්පන්න නගරයක් සංවර්ධනය කිරීමට අපේක්ෂා කිරීමය. තවදුරටත්, සදාචාර සහ ශිෂ්ටාචාර බව අගය කළ ආකාරයෙන් නගරය ගොඩනැගීම ද අවධානයට ලක්වූවකි. හත්වැන්න ලෙස පහසුකම් සපිරි කාර්යක්ෂම නවීන නගරයක් බිහි කළ යුතු යැයි ද එම සමුළුවේදී සඳහන් කර ඇත.