ඇමරිකාව “Fentanyl මත තීරුබදු පැනවීමට” අවධාරණය කිරීම දෙරට අතර මත්ද්‍රව්‍ය පාලන ක්ෂේත්‍රයේ සහයෝගීතාවට බරපතල බලපෑමක් බව චීනය කියයි

ඇමරිකානු ජනපතිගේ Fentanyl මත තීරුබදු පැනවීම පිළිබඳ ප්‍රකාශය සඳහා, චීන විදේශ අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වයි.

අද (17) පැවති මාධ්‍ය හමුවක දී මේ පිළිබඳ අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා පැවසුවේ,  Fentanyl සම්බන්ධයෙන් ඇමරිකාව තුළ පැන නැගී ඇති අර්බුදය ඔවුන්ම වගකිව යුතු ගැටලුවක් මිස චීනයේ ගැටලුවක් නොවන බව චීනය නැවත නැවතත් අවධාරණය කරන බවයි.

ඇමරිකාව චීනයේ හොඳ හිත නොසලකා හැර චීනයට “Fentanyl මත තීරුබදු පැනවීමට” අවධාරණය කර තිබේ. එය මත්ද්‍රව්‍ය පාලන ක්ෂේත්‍රයේ චීනය සහ ඇමරිකාව අතර සංවාදයට සහ සහයෝගීතාවයට බරපතල ලෙස බලපා ඇති පමණක් නොව, චීනයේ අවශ්‍යතාවන්ට බරපතල හානි සිදු කිරීමක් බව, චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා සඳහන් කළේ ය. ඇමරිකාවට සැබවින්ම චීනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අවශ්‍ය නම්, ඔවුන් සත්‍ය සහ තහවුරු කරගත් කරුණු සඳහා මුහුණ දිය යුතු බවත්, චීනය සමඟ සමාන, ගෞරවනීය සහ අන්‍යෝන්‍ය යහපත් ආකාරයකින් සංවාදයක නිරත විය යුතු බවත්, Lin Jian මහතා එහිදී අවධාරණය කළේ ය.