කොලොම්බියාවේ සාම ක්‍රියාවලිය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජ්යනියෝජිත Geng Shuang මහතා ඉල්ලා සිටියි.
සංවාද සහ සාකච්ඡා ඔස්සේ ගැටුම් අවසන් කර සාමය යළි ස්ථාපිත කිරීම සඳහා කොලොම්බියාවේ සාම ක්‍රියාවලිය කදිම උදාහරණයක් බව ඔහු පෙන්වා දී ඇත.
මෙම සාම ක්‍රියාවලිය එවැනි නව අවධියකට යොමුව ඇති බැවින්, අදාළ පාර්ශ්වයන් සියලු අභියෝග ජය ගනිමින්, රට තුළ ස්ථාවරත්වය සහ සංවර්ධනය සඳහා එය අඛණ්ඩව ඉදිරියට රැගෙන යා යුතු බව ඔහු අවධාරණය කරයි.
එමෙන්ම කොලොම්බියානු ජනාධිපති Gustavo Petro මහතා සිය ධුර කාලය තුළ මෙම සාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛත්වය දීම සඳහා ගත් තීරණය වෙනුවෙන් චීනය සහය දක්වන බවත් හෙතෙම මෙහිදී පැවසීය.
තවද කොලොම්බියානු ජනාධිපතිවරණය ළංවත්ම, එරට සියලු පක්ෂ ජනතාවගේ යහපැවැත්මට ප්‍රමුඛත්වය දෙමින්, දැඩි අරගලයකින් ලබා ගත් සාමය රැක ගනිමින් යළි ප්රචණ්ඩත්වයක් ඇති වීම වළකා ගනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ද Geng Shuang මහතා වැඩිදුරටත් සඳහන් කළේය.