චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා 2025 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුවේ සහ කෘත්‍රිම බුද්ධි ගෝලීය පාලනය පිළිබඳ උසස් මට්ටමේ සමුළුවේ සමාරම්භක උත්සවයට එක් වේ.
වර්තමානයේ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ සාමූහික නවෝත්පාදන ශක්‍යතාව ඉස්මතු වන අතර එය කෘත්‍රිම බුද්ධිය වඩාත් කාර්යක්ෂම මෙන්ම සුහුරු දිශානතියක් ඔස්සේ ප්‍රවර්ධනය කරන බව අග්‍රාමාත්‍යවරයා අද (26) පැවති එම උත්සවයේදී දේශනයක් සිදුකරමින් පැවසීය.
කෘත්‍රිම බුද්ධිය හා ආර්ථිකය ගැඹුරින් මිශ්‍ර වී විවිධ ක්ෂේත්‍රවලට හා ජන ජීවිතයට විශාල බලපෑම් සිදුවෙමින් එය ආර්ථික වර්ධනයේ නව බලවේගය ලක්ව ඇතැයි ද ඔහු කීය.
කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ පොදු නිෂ්පාදනයේ ස්වභාවය, කෘත්‍රිම බුද්ධි සංවර්ධනය හා පාලනය ප්‍රවර්ධනය පිළිබඳව ලී ච්‍යං මහතා යෝජනා තුනක් එහිදී ඉදිරිපත් කළේය. කෘත්‍රිම බුද්ධි වර්ධනයේ ප්‍රතිඵල ප්‍රමාණවත් ලෙස යොදා ගැනීම, නිර්මාණශීලි සහයෝගිතාවයෙන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ප්‍රවර්ධනය, පොදු පාලනය මත කෘත්‍රිම බුද්ධිය නිවැරදි මාර්ගයේ ගමන් කිරීම තහවුරු කිරීම ඊට ඇතුළත් ය. එමෙන්ම ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය ස්ථාපිත කිරීම පිළිබඳ යෝජනාවක් ද මෙහිදී චීන රජය ඉදිරිපත් කර ඇති අතර, කෘත්‍රිම බුද්ධි ගෝලීය පාලනය පිළිබඳ ක්‍රියාකාරී සැලැස්ම ද එහිදී නිකුත් කෙරිණ.