චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කොංගෝ ජනරජයේ ජනාධිපති Denis Sassou Nguesso මහතා හමුවෙයි. ඒ අද (04) බෙයිජිං හි මහජන මහා ශාලාවේදී ය.
දෙරට සබඳතාව ‘උසස් තත්ත්වයේ පොදු ඉරණමක් සහිත චීන-කොංගෝ ප්‍රජාවක්’ දක්වා ඉහළ නංවන බව නායක දෙපළ එම හමුවේදී ප්‍රකාශ කළහ.
දෙරට සබඳතාව චීන-අප්‍රිකා මිත්‍රත්වයේ ආදර්ශයක් බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. උසස් තත්ත්වයේ පොදු ඉරණමක් සහිත ද්විපාර්ශ්වික ප්‍රජාවක් ගොඩනැගීමේදී විවිධ කාලවල විවිධ තත්ත්වයන්ට අනුකූලව කටයුතු කරමින්, මනා සම්ප්‍රදායන් උරුම කරගෙන නවෝත්පාදනය වෙත ගමන් කළ යුතු බව ඔහු පැවසීය. අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීම මත පදනම්ව නව සහයෝගිතාවයෙන් තිරසර සංවර්ධන මාවතක් ගවේෂණය කළ යුතු බව ද ඔහු අවධාරණය කර ඇත.
කොංගෝ ජනරජය ස්ථීර ලෙස එකම චීනය මූලධර්මය අනුගමනය කරන බව Denis Sassou Nguesso මහතා එහිදී ප්‍රකාශ කළේය. ද්විපාර්ශ්වික සබඳතාව‘උසස් තත්ත්වයේ පොදු ඉරණමක් සහිත චීන-කොංගෝ ප්‍රජාව’ ලෙස ඉහළ නංවාලීම තුළින් පොදු සමෘද්ධිය සහ සංවර්ධනය සඳහා නව රාමුවක් නිර්මාණය වන බව ඔහු පවසා ඇත.
