චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය ‘14 වැනි පස් අවුරුදු(2021-2025) සැලැස්ම’ අධි ගුණාත්මක භාවයෙන් යුතුව සම්පූර්ණ කිරීම තේමා කර ගත් මාධ්‍ය හමුවක් පවත්වයි.
අද(11) පැවති එම මාධ්‍ය හමුවේදී ‘14 වැනි පස් අවුරුදු(2021-2025) සැලසුම්’ කාලය තුළ සෞඛ්‍ය සේවාවේ ඇති වූ සංවර්ධන තත්ත්වය පැහැදිලි කෙරිණ.
චීනය ලොව විශාලතම වෛද්‍ය සේවා පද්ධතිය ගොඩනගා ඇති අතර එම වෛද්‍ය සේවාවේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු වී ඇති බව එහිදී සඳහන් විය.
එමෙන්ම චීනය ලොව විශාලතම රෝග වැළැක්වීමේ සහ පාලනය කිරීමේ පද්ධතිය ද ගොඩනගා ඇත. බිම් මට්ටමේ සෞඛ්‍ය පාලනය ශක්තිමත් කර මධ්‍යම රජය, පළාත්, නාගරික සහ කෝරළ මට්ටමෙන් එම පද්ධතිය ආවරණය කර තිබේ. වැසියන්ගේ සෞඛ්‍ය සාක්ෂරතා අනුපාතය 2020 වසරේ සියයට 23.2ක සිට 2024 වසරේ සියයට 31.9ක් දක්වා වැඩි වී ඇත. රෝග 15 ක් සඳහා චීන රජය ජනතාවට ප්‍රතිශක්තිකරණ සේවා සපයා තිබේ. ප්‍රධාන නිදන්ගත රෝගවලින් සාමාන්‍ය මරණ සංඛ්‍යාව අඛණ්ඩව අඩු වෙමින් පවතී. ක්ෂය රෝගය, හෙපටයිටිස් බී සහ ඒඩ්ස් වැනි බෝවන රෝග ඇතිවීමේ ප්‍රවණතාව අඛණ්ඩව අඩු වෙමින් පවතින බව එම සමුළුවේදී හෙළි විය.