ලෝක ආර්ථික වර්ධනයට චීනයෙන් අඛණ්ඩ දායකත්වයක්

පසුගිය වසර හතර තුළ ලෝක ආර්ථික වර්ධනයට චීනයේ දායකත්වය 30% ක පමණ මට්ටමක පවතින බව චීන මුදල් අමාත්‍යාංශය පවසයි.

චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය අද (12) “14 වන පස් අවුරුදු සැලැස්මේ උසස් තත්ත්වයේ සම්පූර්ණ කිරීම” යන තේමාව යටතේ මාධ්‍ය හමුවක් පැවැත්වීය. 14 වන පස් අවුරුදු සැලසුම් ක්‍රියාත්මක කාලය තුළ චීනයේ මුදල් ප්‍රතිසංස්කරණ සංවර්ධනයේ ජයග්‍රහණ එහිදී හඳුන්වා දී තිබේ.

චීන මුදල් ඇමති Lan Fo’an මහතා එහිදී පැවසුවේ, 14 වන පස් අවුරුදු සැලසුම් ක්‍රියාත්මක කාලය තුළ මූල්‍ය ප්‍රතිපත්තිවල සාර්ව ආර්ථික නියාමනය ශක්තිමත් කොට තිබෙන අතර එය ආර්ථිකයේ ස්ථාවර හා යහපත් සංවර්ධනයට සහාය වීමේ වැදගත් ශක්තියක් බවට පත්ව ඇති බවයි.

ක්‍රියාකාරී මූල්‍ය ප්‍රතිපත්තිය දේශීය ඉල්ලුම පුළුල් කිරීමට සහාය වන අතර නව ගුණාත්මක ඵලදායිතාවයේ වර්ධනය ප්‍රවර්ධනය කරයි. එම සුමට ආර්ථික සංසරණය ප්‍රවර්ධනය කරමින් ආර්ථික ගුණාත්මකභාවයෙහි ඵලදායී දියුණුව සහ ආර්ථික පරිමාවේ විධිමත් වර්ධනය ද ඉදිරියට මෙහෙයවා ඇතැයි ඔහු එහිදී සඳහන් කළේය.

ගෙවී ගිය වසර හතර තුළ චීන ආර්ථිකය අඛණ්ඩව 5.5% ක වර්ධනයක පවතින අතර ලෝක ආර්ථික වර්ධනයට චීනයේ දායකත්වය ද 30% ක පමණ මට්ටමක පවතින බවත් Lan Fo an මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.