ගෝල්ඩන් පැන්ඩා සම්මාන උළෙලේ දී සම්මාන 27ක් ප්‍රදානය කෙරේ

දෙවන ගෝල්ඩන් පැන්ඩා සම්මාන උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ (13) රාත්‍රී චීනයේ Sichuan පළාතේ Chengdu නගරයේ දී පැවැත්විණ. එහි දී ප්‍රධාන කාණ්ඩ 27ක් වෙනුවෙන් සම්මාන පිරිනැමීම සිදු විය.

එහිදී චිත්‍රපට කාණ්ඩය යටතේ විශිෂ්ටතම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ “Only the River Flows” සිනමාපටයයි. එම චිත්‍රපටයේ අද්විතීය රංගනය වෙනුවෙන් Zhu Yilong විශිෂ්ටතම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය. එමෙන්ම “The Blue Trail” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් Denise Weinberg වෙත විශිෂ්ටතම නිළියට හිමි සම්මානය පිරිනැමිණ. මේ අතර කාටුන් චිත්‍රපට කාණ්ඩයෙන් ” Nezha 2 :The Magic Child Stirs the Sea ” සිනමාපටය එම සම්මානය හිමි කර ගත්තේය.