අගෝස්තු මාසයේ චීනයේ එකතු කළ අගය මත කර්මාන්ත සැපයුමේ වර්ධනය සියය‍ට 5.2 ක්

අගෝස්තු මාසයේ  චීනයේ එකතු කළ අගය මත කර්මාන්ත සැපයුම සියය‍ට 5.2 කින් වර්ධනය වෙයි. එය ජූලි මාසයේ පැවති සියය‍ට 5.7ක මට්ටමට වඩා අඩු අගයක් බව චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්තවලින් දැක්වේ. වසරේ මුල් මාස අට තුළ කර්මාන්ත සැපයුමේ වර්ධනය පෙර වසරේ සමාන කාලය හා සැසඳීමේදී සියය‍ට 6.2ක වර්ධනයක් බවද එහි සඳහන් වෙයි. වාර්ෂික පිරිවැටුම අවම වශයෙන් යුවාන් මිලියන 20 ක වටිනාකමක් සහිත මහා පරිමාණ ව්‍යවසායන්හී ක්‍රියාකාරීත්වයන් මැන බැලීම වෙනුවෙන් මෙම දර්ශකය යොදා ගැනේ. චීනයේ එකතු කළ අගය මත කර්මාන්තයන්හී සැපයුම පසුගිය මාසයේ සියයට 5.7කින් වර්ධනය වී ඇති අතර පතල් අංශයේ එම වර්ධනය සියයට 5.1කි. විදුලි බලය, උණුසුම්කරණ සේවා, ගෑස්, ජලය නිශ්පාදනය සහ සැපයුම් අංශයේ වර්ධනය  සියයට 2.4කි.