ඒකාධිකාර විරෝධී නීතිය උල්ලංඝනය කර ඇති NVIDIA සමාගමට එරෙහිව චීනයෙන් විමර්ශණයක්

මූලික පරීක්ෂණයන්ට අනුව, NVIDIA සමාගම මෑතකදී චීනයේ නීතිරීති උල්ලංඝනය කර ඇතැයි සනාථ වී තිබේ. ඉන් උල්ලංඝනය වී ඇත්තේ, “චීන මහජන සමූහාණ්ඩුවේ ඒකාධිකාර විරෝධී නීතිය” සහ “NVIDIA සමාගම Mellanox Technologies සමාගමේ කොටස් අත්පත් කරගැනීම පිළිබඳ ඒකාධිකාර විරෝධී සමාලෝචන තීරණය” බවය. ඒ සඳහා චීන ජාතික වෙළඳපොළ නියාමන පරිපාලනය NVIDIA සමාගමට ‍එරෙහිව තවදුරටත් විමර්ශනයක් පැවැත්වීමට තීරණය කර ඇත.