යුරෝපයේ මිත්‍ර රාජ්‍යයන් සමඟ ගෙවුණු දින කිහිපය තුළ පැවති සාකච්ඡා සහ හමුවීම් තුළින් යුරෝපා මහාද්වීපය මුහුණ දෙන අභියෝග පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබූ බව චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා පවසයි.
සිය අඛණ්ඩ යුරෝපා සංචාරයේ අවසන් නැවතුම පෝලන්තය බව පවසමින් හෙතෙම මේ බව සඳහන් කළේ, පෝලන්ත නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය Radoslaw Sikorski සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.
චීන-පෝලන්ත සබඳතාවන් හි ස්ථාවර වර්ධනයක අවශ්‍යතාව ඔහු එහිදී දැඩිව අවධාරණය කළේය.
එමෙන්ම ලබන වසරේ දී චීනයත් පෝලන්තයත් අතර පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වයේ 10 වන සංවත්සරය එළඹෙන විට, දෙරටම ඓතිහාසික අත්දැකීම් මත මිත්‍රත්වය ඉදිරියට ගෙන යා යුතු බව වන්ග් යී මහතා පැවසීය.
එහිදී අන්‍යෝන්‍ය ගෞරවය ආරක්ෂා කරමින් එකිනෙකාගේ මූලික අවශ්‍යතාවන්ට ඉඩ දෙමින්, ද්විපාර්ශ්වික සබඳතාවන් බාධාවකින් තොරව ස්ථාවරව වර්ධනය වීම සහතික කිරීමට දෙරටම එක්ව ක්‍රියා කළ යුතු බවත් වන්ග් යී මහතා පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දක්වමින් පෝලන්ත නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය Radoslaw Sikorski මහතා පැවසුවේ පෝලන්තය චීනය සමඟ ඇති සබඳතා කෙරෙහි විශාල වැදගත්කමක් දක්වන බවත්, සංවර්ධනය තුළින් ලබා ඇති ජයග්‍රහණ අගය කරමින් චීනයේ අඛණ්ඩ වර්ධනය පිළිගන්නා බවත් ය.
එමෙන්ම වත්මන් ජාත්‍යන්තර පාලන ක්‍රමවේදය තවදුරටත් ජාත්‍යන්තර බල තුලනයේ වෙනස්කම් සඳහා නොගැළපෙන බව සඳහන් කළ ඔහු පෙන්වා දෙනු ලැබුවේ, චීනය විසින් යෝජනා කරන ලද ගෝලීය පාලන මුලපිරීම පෝලන්තය අගය කරන බව ය.
එහිදී ගෝලීය පාලන ක්‍රමවේදයේ නිසි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් චීනය සමඟ සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සූදානම් බවත් ඔහු පැවසීය.
මෙම සාකච්ඡාවලින් අනතුරුව වෝර්සෝ හි පැවති චීන-පෝලන්ත අන්තර් රාජ්‍ය කමිටුවේ සිවු වන රැස්වීමෙහි සම සභාපතිත්වය දැරීමට ද චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා එක් විය.
එහිදී දෙපාර්ශ්වය එක්ව චීන-පෝලන්ත අන්තර් රාජ්‍ය කමිටුවේ සිව්වන රැස්වීමේ ඒකාබද්ධ ලේඛන නිකුත් කළහ.
