ඉහළ මට්ටමේ ආරක්ෂාවක් සමඟින් උසස් තත්ත්වයේ සංවර්ධනය සම්බන්ධීකරණය කිරීම සඳහා දේශීය ලක්ෂණ සහ වාසි උපයෝගී කර ගන්නා නවීන කාර්මික පද්ධතියක් වේගවත්ව ගොඩනැගීමට උත්සාහ ගන්නැයි චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා ඉල්ලා සිටියි.
වයඹදිග චීනයේ Gansu යන Qinghai පළාත්වල නිරීක්ෂණ චාරිකාවන්ට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

Gansu පළාතේ Lanzhou හි අධි තාක්ෂණික සමාගමක් සහ කාර්මික උද්‍යානයක් පරීක්ෂා කරමින් හෙතෙම අවධාරණය කර ඇත්තේ, පර්යේෂණ සහ සංවර්ධන ආයෝජන වැඩි කිරීම සඳහා ව්‍යවසායන් සහ පර්යේෂණ ආයතනවලට සහාය වෙමින් ඒවයේ කුසලතා යාන්ත්‍රණයන් වැඩිදියුණු කිරීම වැදගත් වන බව ය.
Lanzhou හරහා දිවෙන කහ ගංගාව ආශ්රිත වන වගාව සහ එහි පරිසර පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති උත්සාහයන් ද ඔහු පරීක්ෂාවට ලක් කළේය.
පාරිසරික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ දේශීයව ලබා ඇති ජයග්‍රහණ වෙනුවෙන් එහිදී සිය ප්‍රශංසාව පළ කළ Li Qiang මහතා, නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ දිනාගත් හරිත උරුමය අඛණ්ඩව ශක්තිමත් කිරීම සඳහා කඳු, ජලය, වනාන්තර, ගොවිබිම්, තෘණ බිම් සහ කාන්තාර ආශ්රිත පරිසර පද්ධති සුරැකීම සහ ඒවා සංරක්ෂණය වෙනුවෙන් පූර්ණ සහ ක්රමානුකූල ප්‍රවේශයක් ඉල්ලා සිටියේය.
එමෙන්ම Qinqhai පළාතේ Xining හි ද නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්, පාරිසරික ආරක්ෂාව සඳහා Qinqhai හි වැදගත්කමත්, පිරිසිදු බලශක්තිය සහ හරිත සංවර්ධනයේ වාසිදායක තත්ත්වයත් මතු කරලීමට චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා පියවර ගෙන තිබිණ.
