ලෝක බුද්ධිමය දේපළ සංවිධානය ඊයේ (16) 2025 ගෝලීය නවෝත්පාදන දර්ශකය නිකුත් කළේය. ස්විට්සර්ලන්තය, ස්වීඩනය, ඇමරිකාව, දකුණු කොරියාව සහ සිංගප්පූරුව යන රටවල් එහි පෙරමුණ ගෙන සිටින බව වාර්තා පවසයි. චීනය එම දර්ශකයේ මුල් රටවල් දහයට ඇතුළත් වීම විශේෂත්වයකි. එය මධ්‍යම ආදායම් ලබන ආර්ථික ඒකකයන් අතර ප්‍රමුඛ ස්ථානයක් බව සඳහන් කෙරේ. විද්‍යා පර්යේෂණ ආයෝජන, අධි තාක්‍ෂණික අපනයන සහ නවෝත්පාදන නිමැවුම පිළිබඳව ශක්තිමත් ප්‍රවණතාවක් චීනය පවත්වා ගෙන ගොස් ඇති බව ඉන් සනාථ වී ඇත. චීනය, ඉන්දියාව සහ තුර්කිය ප්‍රමුඛ මධ්‍යම ආදායම් ලබන ආර්ථික සමූහයක ශ්‍රේණිගත කිරීමද අඛණ්ඩව ඉහළ ගොස් ඇත. එපමණක් නොව, පහළ හා මධ්‍යම ආදායම් ලබන ආර්ථිකයන්ගෙන් 17ක් සංවර්ධන ධාරිතාවට සාපේක්ෂාව ඉහළ නවෝත්පාදන ශක්තියක් පිළිබිඹු කිරීම තවත් විශේෂත්වයකි.