චීන-ශ්‍රී ලංකා විදේශ ඇමතිවරුන් අතර හමුවක්

චීන විදේශ ඇමති වං යී මහතා ශ්‍රී ලංකා විදේශ ඇමති විජිත හේරත් මහතා හමුවෙයි. ඒ වං යී මහතා ඊයේ (12) අප්‍රිකාවේ නිල සංචාරය නිමවා ආපසු චීනය බලා පැමිණෙන අතරතුර ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයකට එක්වූ අතරතුරදීය.

චීනය හා ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලීන මිත්‍රත්වයක් ඇති අතර, පසුගිය වසරේ රාජ්‍ය නායකයින් දෙදෙනා අතර පැවති හමුව ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය සඳහා නිවැරදි දිශානතිය පෙන්වා දී ඇතැයි වං යී මහතා එම හමුවේදී සඳහන් කළේය. එමෙන්ම සුළි කුණාටු තත්ත්වයකින් පසුගිය වසරේදී මහත් ව්‍යසනයකට මුහුණ දුන් ශ්‍රී ලංකාවට චීනය හදිසි සහාය ලබා දුන් අතර, ශ්‍රී ලාංකික ජනතාවට එම අභියෝගය ජයගනිමින් තම නිවාස නැවත ගොඩනඟා ගැනීමට හැකි වනු ඇතැයි චීනය විශ්වාස කරයි. තවද, දෙරට අතර හුවමාරු තහවුරු කොට සහයෝගිතා පුළුල් කරමින් පොදු ඉරණමක් සහිත චීන-ශ්‍රී ලංකා ප්‍රජාව ගොඩගැනීම ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්ව ක්‍රියා කිරීමට චීනය සූදානමින් සිටින බවත් වං යී මහතා පැවසීය.

ශ්‍රී ලංකාව සමඟ දකුණු ආසියාවේ කලාපීය සහයෝගිතාව ශක්තිමත් කිරීමටත්, වඩාත් සාධාරණ හා යුක්ති සහගත ගෝලීය පාලන පද්ධතියක් ඒකාබද්ධව ගොඩනැගීමටත් චීනය බලාපොරොත්තු වන බව ද චීන විදේශ ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

යටිතල පහසුකම්, සාගර හා සංචාර යනාදී ක්ෂේත්‍රයන්හි සහයෝගිතා පුළුල් කොට ශ්‍රී ලංකා-චීන උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්ව මට්ටම ඉහළ නංවාලීම සඳහා චීනය සමඟ එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බව විජිත හේරත් මහතා එහිදී පැවසීය.

එකම චීනය මූලධර්මයට ස්ථීරව අනුබල දෙන ශ්‍රී ලංකාව, චීනය සමඟ බහුපාර්ශ්වික සම්බන්ධීකරණය ශක්තිමත් කොට සංවර්ධනය වෙමින් පවතින රටවල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අපේක්ෂා කරන බව ද හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.