ජාත්‍යන්තර සම්බන්ධතාවන්හි දාමරිකවාදය ක්‍රියාත්මක කිරීමටත් බලහත්කාරී පීඩනය පැනවීමටත් චීනයේ විරෝධය

චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය Miao Deyu මහතා ඊයේ(5) ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය Kazem Gharibabadi මහතා හමුවිය. 

රාජ්‍යතාන්ත්‍රික ක්‍රම මගින් ඉරාන න්‍යෂ්ටික ගැටළුව විසඳීමෙහි ඉරානය නියැළී සිටින අතර සාධාරණ හා යුක්තිසහගත පදනමක් මත අදාළ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට කැමති බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය. කලාපීය හා ලෝක සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් චීනය සිදු කරන මෙහෙවර අගය කරන බවත් චීනය වඩාත් වැඩි කාර්යභාරයක් ඉටු කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු කීය. 

 චීනය ඉරානයේ තත්ත්වය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන බව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා කියා සිටියේය. සිය ‍ස්වෛරීභාවය, සුරක්ෂිතතාව, ජාතික අභිමානය මෙන්ම නීන්‍යනුකූල අයිතීන් ආරක්ෂා කිරීමට ඉරානයට චීනයේ සහයෝගය හිමි වේ. ජාත්‍යන්තර සම්බන්ධතාවන්හි දාමරිකවාදය ක්‍රියාත්මක කිරීමටත් බලහත්කාරී පීඩනය පැණවීමටත් සෙ‍සු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමටත් චීනය විරුද්ධය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්මය, ජාත්‍යන්තර සම්බන්ධතාවන්හි මූලික නීතිරීති, ස්වෛරී සමානත්වතාවය, ජාත්‍යන්තර සාධාරණබව හා යුක්තිය තහවුරු කිරීම සඳහා ඉරානය ඇතුළු විවිධ පාර්ශ්වයන් සමග සන්නිවේදනය හා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.