චීන මාධ්‍ය සමූහයේ 2026 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ ප්‍රචාරක පෝස්ටරයක් මධ්‍යම ආසියාවේ විශාලතම LED තිරයට

චීන මාධ්‍ය සමූහයේ 2026 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ ප්‍රචාරක පෝස්ටරයක් මධ්‍යම ආසියාවේ විශාලතම LED තිරය වන කසකස්ථාන රාජ්‍ය දුම්රිය සමාගමේ ගොඩනැගිල්ලේ බාහිර තිරය මත ප්‍රදර්ශනය කෙරේ. ඒ අඛණ්ඩව තුන්වන වරටයි.

පසුගිය 7 වැනිදා සිට පෙබරවාරි 20 වැනිදා දක්වා එම පෝස්ටරයෙන් 2026 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ ‍විකාශන තොරතුරු කසකස්ථාන ජනතාවට ප්‍රදර්ශනය කෙරිණ.

කසකස්ථානයේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වන ඇටමෙකන් රූපවාහිනී නාලිකාව මෙම වසරේ 2026 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ ජාත්‍යන්තර අනුවාදය විකාශනය කරනු ඇති බව වාර්තා වේ. අඛණ්ඩව වසර තුනක් කසකස්ථාන මාධ්‍ය හරහා එය විකාශනය කිරීමෙන් චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කරන වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය එරට විශාල ප්‍රේක්ෂක පිරිසකගේ ආකර්ෂණය දිනා ගෙන ඇත.