2026 වසන්ත උත්සව උදාවේදී චීන ජනපති ජනතා හදවත් උණුසුම් කරයි

2026 වසන්ත උත්සව උදාවේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, රට පුරා සියලුම ජනවර්ගවයන්ට, චීන හොංකොං හා මැකව් වි‍ශේෂ පරිපාලන කලාප සහ තායිවාන ප්‍රදේශයේ සිටින චීන ජනතාවට මෙන්ම, එතෙර වෙසෙන චීන ජාතිකයන්ට, චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද වෙනුවෙන් සිය සුබ පැතුම් පිරිනමයි.

හෙතෙම ඊයේ(9) සහ අද(10) බෙයිජිං නගරයේ දෙදින නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ජනාධිපතිවරයා 9 වන දින උදෑසන බෙයිජිං නගරයේ පිහිටි ජාතික තොරතුරු තාක්ෂණ නවෝත්පාදන උද්‍යානයට පැමිණ එහි තොරතුරු තාක්ෂණික භාවිතයේ නවෝත්පාදනය සහ නගරයේ ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණික නවෝත්පාදන මධ්‍යස්ථානය කඩිනමින් ගොඩනැගීම පිළිබඳ තත්ත්වය විමසා බැලූ අතර, විද්‍යා හා තාක්ෂණික නවෝත්පාදන ජයග්‍රහණ ප්‍රදර්ශනය නරඹමින් පර්යේෂකයින් හා තාක්ෂණ සමාගම් නියෝජිතයන් සමග සුහද පිළිසඳරක නිරත විය.

මේ අතර, හෙතෙම අද(10) පිළිවෙලින් බෙයිජිං නගරයේ Xinjiekou වීදියේ පිහිටි වැඩිහිටි ආහාර ආධාර සේවා ස්ථානය, වැඩිහිටි මහල් නිවාසය සහ Longfusi වීදි කලාප‍යට පැමිණ එහි වැසියන්ගේ සහ වැඩිහිටියන්ගේ සේවා පහසුකම් පිළිබඳව විමසා බැලීය. නිවාඩු කාලය තුළ වෙළඳපළ සැපයුම පොහොසත් කිරීම මෙන්ම නාගරික සුවිශේෂ කලාපයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවබෝධයක් ලබා ගත් අතර එහි බිම් මට්ටමේ නිලධාරින්ට හා ජනතාවට ඔහු සිය වසන්ත උත්සව සුභ පැතුම් පිරිනැමීය.

මෙවර නිරීක්ෂණ චාරිකාව අතරතුර, ෂී ජින්පිං මහතා බෙයිජිං නගරයේ චීන කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ සහ නාගරික රජයේ රාජකාරී වාර්තාවලට සවන් දුන් අතර, නගරයේ සියලු අංශවලින් ලබා ඇති ජයග්‍රහණ තහවුරු කරමින්, ඊළඟ පියවරේ දී ඉටුකළ යුතු කාර්යන් ඉදිරිපත් කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කරන ලද පරිදි නගරයේ උපායමාර්ගික ස්ථානගත කිරීම බෙයිජිං නගරය තරයේ ක්‍රියාත්මක කළ යුතු අතර ආර්ථික හා සමාජීය සංවර්ධනය නිරවද්‍ය ලෙස ප්‍රවර්ධනය කළ යුතු බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. සමාජවාදී නවීකරණය මූලික වශයෙන් සාක්ෂාත් කර ගැනීම සඳහා තීරණාත්මක ප්‍රගතියක් ලබා ගැනීමට බෙයිජිං නගරය සහතික විය යුතු අතර රට පුරා ආදර්ශමත් කාර්යභාරයක් ඉටු කිරීමට උත්සාහ කළ යුතු බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.