2026 වසන්ත උත්සවය උදා වන විට චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා බෙයිජිංහි වීඩියෝ ආකාරයෙන් සමස්ත හමුදා විධානයේ ආයතන නිරීක්ෂණ කරමින්, ඔවුන්ට වසන්ත උත්සවය වෙනුවෙන් සිය සුබ පැතුම් පිරිනමයි.
ෂී ජින්පිං මහතා එහිදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා මධ්‍යම හමුදා කොමිසම වෙනුවෙන්, චීන මහජන විමුක්ති හමුදාවේ අණදෙන නිලධාරීන් හා භටයන්, සන්නද්ධ පොලිස් බලකායේ නිලධාරීන් හා සෙබළුන්, හමුදා සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින්, සංචිත හමුදා මණ්ඩල හා සිවිල් හමුදා වෙත, හෘදයාංගම සුභාශිංසන සහ වසන්ත උත්සව සුබ පැතුම් පිරිනැමීය.
