චීන විදේශ ඇමති හා ඇමරිකානු රාජ්‍ය ලේකම් අතර හමුවක්

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා ඇමරිකානු රාජ්‍ය ලේකම් Marco Antonio Rubio මහතා හමුවෙයි. එම හමුව ඊයේ (17) ජර්මනියේ Munich නගරයේ පැවති Munich ආරක්ෂක සමුළුව අතරතුර සිදු විණ.

චීන-ඇමරිකානු සබඳතාවෙහි සංවර්ධනය සඳහා අවශ්‍ය උපායමාර්ගික උපදෙස් සමඟින් දෙරට රාජ්‍ය නායකයන් එළඹි එකඟතාවන් පොදුවේ ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව චීන විදේශ ඇමති වං යී මහතා එහිදී අවධාරණය කළේය. 2026 වසර අන්‍යෝන්‍ය ගරුත්වය, සාමකාමී යහපැවැත්ම හා සහයෝගිතා ඔස්සේ පොදු ජයග්‍රහණ ලබාගැනීම උදෙසා ඉදිරියට යන වසරක් බවට පත්වීම සඳහා දෙරට උත්සාහ දැරිය යුතු බව හෙතෙම පැවසීය.

සහයෝගිතා අඛණ්ඩව පුළුල් කර, ගැටලු අවම කිරීමට උත්සාහ කිරීමෙන් චීන-ඇමරිකානු සබඳතාව ස්ථාවර, විධිමත් මෙන්ම තිරසර සංවර්ධන මාර්ගයකට යොමු කර ලෝකය වෙත වඩාත් වැඩි සක්‍රිය පිණිවිඩ නිකුත් කිරීම සඳහා චීනය හා ඇමරිකාව එක්ව කටයුතු කළ යුත බව ද වං යී මහතා සඳහන් කළේය.

මෙවර හමුව ඉතා සක්‍රිය මෙන්ම ඵලදායි වූ බවට දෙපාර්ශ්වය මෙහිදී එකඟත්වය පළ කළේය. තවද, දෙරටෙහි රාජ්‍ය නායකයන් එළඹි එකඟතාවන් පොදුවේ ක්‍රියාත්මක කිරීම පිළිගත් දෙපාර්ශ්වය, දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික මාර්ගයන්හි සම්බන්ධීකරණ කාර්යභාරයන් ඉටු කර, ඉහළ මට්ටමේ හුවමාරු සඳහා සහාය දීමට ද එකඟ විය. එමෙන්ම අදාළ ක්ෂේත්‍රයන්හි සංවාද හා සහයෝගිතා ශක්තිමත් කරමින් චීන-ඇමරිකානු සබඳතාව ස්ථාවර ලෙස සංවර්ධනය කිරීම ප්‍රවර්ධනය කළ යුතු බවත් එහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණ.