තායිවාන ගැටලුව සම්බන්ධයෙන් අදාළ රටවල් රෙගුලාසිවලට අනුකූලව ගනු ලබන ක්‍රියාමාර්ග චීනයේ ඇගයීමට

චීනයේ තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක Lai Ching-te ගේ ස්වාසිලන්ත සංචාරය “තාවකාලිකව අත්හිටුවා ඇති” බවට තායිවාන බලධාරීන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වාර්තාකරුවෙකු නැගූ ප්‍රශ්නයකට චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු අද (22) පිළිතුරු දුන්නේය.

චීන මහා ගොඩබිමෙන් එල්ල වූ පීඩනය හේතුවෙන් Lai Ching-te ගේ ස්වාසිලන්ත සංචාරය අවලංගු කළ බවට තායිවාන බලධාරීන් කළ ඊනියා ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් එම ප්‍රකාශකවරයා පැවසුවේ, අප්‍රිකානු රටවල් 53 සහ අප්‍රිකානු සංගමය එකම චීනය මූලධර්මය  තරයේම පිළිපදින බවයි.

ලෝකයේ ඇත්තේ එකම චීනය බවත් තායිවානය චීනයට අයත් කොටසක් බවත් අප්‍රිකානු රටවල් නැවත නැවතත් ප්‍රකාශ කර ඇතැයි එම ප්‍රකාශකවරයා සඳහන් කළේය.

“තායිවාන ස්වාධීනත්වය” යන අදහස දරන බෙදුම්වාදී ක්‍රියා ඓතිහාසික ප්‍රවණතාවයට පටහැනි බව හෙතෙම මෙහිදී අවධාරණය කළේය. එමෙන්ම “තායිවාන ස්වාධීනත්වය” වෙනුවෙන් දරන උත්සාහය නිසැකවම අසාර්ථක වනු ඇති අතර, චීනයේ යළි එක්සත් වීමේ ඓතිහාසික ප්‍රවණතාවය නැවැත්විය නොහැකි බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.