චීන තායිවාන ප්‍රදේශය සමඟ ඊනියා “රාජ්‍ය තාන්ත්‍රික සබඳතා” තහවුරු කර ගැනීමට සහාය වීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.
චීන තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක Lai Ching-te ගේ ස්වාසිලන්ත සංචාරය “තාවකාලිකව අත්හිටුවා ඇති” බවට ඇමරිකාව කළ වැරදි ප්‍රකාශය සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අද (23) අදහස් පළ කරමින් මේ බව පැවසීය.
ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම සඳහා වන චීනයේ නීත්‍යනුකූල ක්‍රියාමාර්ගයන්ට මැදිහත් වෙමින් සිටින ඇමරිකාව, එකම චීනය මූලධර්මය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අදාළ රටවල් අනුගමනය කරන සාධාරණ ක්‍රියාමාර්ගයන්ට එරෙහිව අනවශ්‍ය චෝදනා එල්ල කර තිබේ. ඇමරිකාවේ එම ක්‍රියාවන් චීනය පිළිනොගන්නා බවත්, ඊට දැඩිව විරෝධය පළ කරන බවත් Guo Jiakun මහතා පැවසීය.
තායිවාන ප්‍රශ්නය මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතු සඳහා ඇඟිලි ගැසීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. ඇමරිකාව, තායිවාන ප්‍රදේශය සමඟ ඊනියා “රාජ්‍ය තාන්ත්‍රික සබඳතා” තහවුරු කර ගැනීමට සහාය වීම සහ “තායිවාන ස්වාධීනත්වය” යන අදහස දරන බෙදුම්වාදී බලවේගයන්ට වැරදි සහගත සංඥාවක් නිකුත් කිරීම නැවැත්විය යුතු බව ද එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.