පාකිස්ථාන ජනාධිපතිවරයාගේ චීන නිල සංචාරය ගැන චීන විදේශ අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

පසුගිය 25 වැනිදා සිට එළඹෙන මැයි මස පළමුදා දක්වා පාකිස්ථාන ජනාධිපති Asif Ali Zardari මහතා චීනයේ Hunan හා Hainan යන පළාත්වල නිල සංචාරයක නිරත වෙයි.

අද(27) පැවති මාධ්‍ය හමුවේදී චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා මේ බව සඳහන් කරමින් පැවසුවේ, චීන- පාකිස්ථාන රාජ්‍යතන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 75 වන සංවත්සරය මේ වසරට යෙදෙන බවයි.

දෙරටේ ඒ ඒ ක්ෂේත්‍ර මිත්‍ර හුවමාරු මෙන්ම සහයෝගිතා ප්‍රවර්ධනය කරමින් වඩාත් සමීප පොදු ඉරණමක් සහිත චීන-පාකිස්ථාන ප්‍රජාව ගොඩනැගීමට පාකිස්ථානය සමග එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.