ඇමරිකාවේ ධවල මන්දිර මාධ්‍යවේදීන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර සිදු වූ වෙඩිතැබීමේ සිදුවීම පිළිබඳ චීනයේ අවධානය

පසුගියදා(25) ඇමරිකාවේ ධවල මන්දිර මාධ්‍යවේදීන්ගේ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුරදී සිදු වූ වෙඩිතැබීමේ සිදුවීම පිළිබඳ චීනය අවධානය යොමු කර ඇති බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා‍ පවසයි.

ඒ එම සිදුවීම පිළිබඳ නිත්‍ය මාධ්‍ය හමුවේදී කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.  එමෙන්ම මෙවැනි නීතිවිරෝධී සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් චීනය සෑමවිටම සිය විරුද්ධත්වය ප්‍රකා‍ශ කරන බව ද ඔහු එහිදී සඳහන් කළේය.