චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන සියළු අප්‍රිකානු රටවල් සඳහා චීනය ශුන්‍ය තීරුබදු ක්‍රියාත්මක කරයි

චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු ප්‍රතිපත්ති පිළිබඳ කමිටුව නිකුත් කළ නිවේදනයට අනුව, එළඹෙන මැයි මස පළමු වැනිදා සිට 2028 වසරේ අප්‍රේල් මස 30 වනදා දක්වා චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන මෙන්ම අවම සංවර්ධිත රටවල් නොවන අප්‍රිකානු රටවල් 20 ක් සඳහා චීනය වරණීය තීරුබදු අනුපාත ආකාරයෙන් ශුන්‍ය තීරුබදු ක්‍රියාත්මක කරනු ඇත. එම කාල සීමාව තුළ, අදාළ අප්‍රිකානු රටවල් සමග පොදු සංවර්ධනය සඳහා ආර්ථීක හවුල්කාරී සබඳතා පිළිබඳ ගිවිසුම් අත්සන් කිරීම ප්‍රවර්ධනයට ද චීනය අඛණ්ඩව  පියවර ගනී. 

‍2024 වසරේ දෙසැම්බර් මස පළමු දා චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන අවම සංවර්ධිත අප්‍රිකානු රටවල් 30ක් සඳහා ශුන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර ඇත. මෙවර යොදා ගත් නව පියවර මගින් චීනයේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු විවෘතභාවය ව්‍යාප්ත කිරීමේ සක්‍රිය ස්ථාවරය පිළිබිඹු කෙරේ. එමෙන්ම එය චීන-අප්‍රිකානු ආර්ථික වෙළඳ සහයෝගිතාව ශක්තිමත් කිරීමට මෙන්ම නව යුගයේ සර්වකාලීන චීන-අප්‍රිකානු පොදු ඉරණමක් සහිත ප්‍රජාව ගොඩනැගීමට වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයිද විශ්වාස කෙරේ.