මැදපෙරදිග කලාපයෙන් වාර්තා වන ගැටලු පිළිබඳ අවධානය යොමු කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (10) විවෘත රැස්වීමක් පැවැත්වීය.
මැදිහත්වීම සහ සංවාදය තුළින් දේශපාලන විසඳුමක් ප්‍රවර්ධනය කරමින් තිරසර සාමයක් අත්කර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා එහිදී සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.
ලෙබනනය සහ ඊශ්‍රායලය අතර තාවකාලික සටන් විරාමයේ‘නිල් රේඛාව’(තාවකාලික හමුදා සීමා නිර්ණ රේඛාව) දෙපස ජනතාවට විඳීමට සිදුව ඇති ඛේදනීය තත්ත්වයන් සමනය කිරීම සඳහා පුළුල් සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙසත් ඔහු එහිදී අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.
ඊශ්‍රායල-පලස්තීන ගැටුම පිළිබඳ අදහස් දක්වමින් ගුටරෙස් මහතා සඳහන් කළේ, ගාසා තීරය පලස්තීන රාජ්‍යයට අයත් අනිවාර්ය කොටසක් ලෙස වෙන් කළ නොහැකි බවයි. එබැවින් ගාසා තීරය අත්පත් කර ගැනීමේ මෙහෙයුම් අවසන් කර ‘ද්වි-රාජ්‍ය විසඳුම’ ක්‍රියාත්මක කිරීම මෙම ගැටලුව විසඳා ගත හැකි එකම මාර්ගය බව ද හෙතෙම කියා සිටියේය.
එමෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව සහ ඒ අවට නාවික කටයුතු සඳහා වන අයිතිවාසිකම් හා නිදහස, යථා තත්ත්වයට පත් කිරීම සඳහා අදාළ පාර්ශ්වයන් සටන් විරාමයට අනුකූලව ක්‍රියා කරන ලෙසත්, න්‍යෂ්ටික ගැටලු පිළිබඳ සාකච්ඡා ආරම්භ කරන ලෙසත් ගුටරෙස් මහතා එහිදී ඉල්ලීමක් කළේය.