හත් වන බහුජාතික සමාගම් නායකයන්ගේ සමුළුව පැවැත්වේ

07 වන බහු ජාතික සමාගම් නායක සමුළුව ඊ‍යේ (15) චීනයේ Qingdao නගරයේ Qingdao ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී පැවැත්විණ. “බහුජාතික සමාගම් සහ චීනය- 15වන පස් අවුරුදු සැලැස්ම යටතේ අත්වැල් බැඳගෙන නව අනාගතයක් කරා ගමන් කිරීම”එහි ප්‍රධාන තේමාව විය. ක්‍රියාකාරකම් 20ක් පමණ පැවති එම සමුළුවේදී “චීනයේ බහුජාතික සමාගම්”මැයෙන් පර්යේෂණ වාර්තාවක් නිකුත් කිරීමට නියමිතව තිබේ. චීනයේ 15වන පස් අවුරුදු සැලැස්මෙහි විවෘත ප්‍රතිපත්ති, වෙළඳපොළ අවස්ථා හා නවෝත්පාදන අවකාශ පූර්ණ වශයෙන් හඳුන්වා දෙමින්, බහුජාතික සමාගම් හා චීනයේ කාර්මික හා සැපයුම් ජාලයන් සමග ඇති බැඳීම ශක්තිමත් කරමින්, එම සමාගම්වලට චීනය සමග දැවැන්ත වෙළඳපොළ ලාභාංශ බෙදා ගැනීමට එම පර්යේෂණ වාර්තාව ඉඩ සලසා දෙයි.

7වන බහුජාතික සමාගම් නායකයන්ගේ සමුළුව සඳහා රටවල් හා කලාප 44ක බහුජාතික සමාගම් එක් විය. ලොව ප්‍රබලතම ව්‍යවසායන් 500 අතරින් 105ක් සහ විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛතම සමාගම් 252ක් ඒ අතර සිටීම විශේෂත්වයකි.