ගෝලීය පාලන මුලපිරුම පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමේ මාර්ගය ව්‍යාප්ත කරයි–චීනය

ගෝලීය පාලන මුලපිරුම පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම ක්‍රියාත්මක කිරීමේ මාර්ගය ව්‍යාප්ත කරන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා  පවසයි. 

චීන රජය අද(17) නිකුත් කළ ගෝලීය පාලනය පිළිබඳ ධවල පත්‍රිකාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අද පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවසීය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය පාලන මුලපිරුම ඒ ඒ රටවල ගෝලීය පාලනය සම්පූර්ණ කිරීමේ පොදු අවශ්‍යතාවට ප්‍රතිචාර දක්වා ඇත. පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම ක්‍රියාත්මක කිරීමේ මාර්ගය ව්‍යාප්ත කරන එය ජාත්‍යන්තර දේශපාලන ශිෂ්ටාචාරයේ නව පරිච්ඡේදයක් ආරම්භ කර ඇත. කෙටි කාලයක් තුළ එය ලෝකයේ රටවල් හා ජගත් සංවිධාන 160ක පිළිගැනීම හා සහාය හිමි වූ අතර රටවල් 60ක් පමණ චීනය ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ ‘ගෝලීය පාලනය පිළිබඳ මිත්‍ර කණ්ඩායමට’ එක්වූ බවද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.