චීනයේ තවත් සංස්කෘතික උරුම තුනක් යුනෙස්කෝ අස්පෘශ්‍ය සංස්කෘතික උරුම ලැයිස්තුවට ඇතුළත් කෙරේ

යුනෙස්කෝ සංවිධානයේ අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමේ කමිටුව ඊයේ(5) චීනයේ සංස්කෘතික උරුම තුනක් සඳහා වන අයදුම්පත කෙරෙහි සාකච්ඡා කර නිරීක්ෂණය සිදු කර තිබේ. 

‘Li ජාතිකයන්ගේ සාම්ප්‍රදායික නූල් ගෙතීම, රෙදි වර්ණගැන්වීම හා එම්බ්‍රොයිඩර් නිර්මාණ කලාව’, ‘Qiang ජාතිකයන්ගේ සාම්ප්‍රදායික අලුත් අවුරුදු උත්සවය’, ‘චීන සාම්ප්‍රදායික ලී ආරුක්කු පාලම ඉදිකිරීමේ කුසලතා’ යන අස්පෘශ්‍ය සංස්කෘතික උරුම ඊට ඇතුළත් ය.

2009 වසරේ යුනෙස්කෝ සංවිධානයේ හදිසි ආරක්ෂක අවශ්‍යතා ලැයිස්තුවට ඇතුළත් කෙරුණු එම සංස්කෘතිකාංග තුන, එහි සැලකිය යුතු ආරක්ෂක ප්‍රතිඵලය හා අඛණ්ඩ පවත්වා ගෙන යාමේ හැකියාව වැඩිදියුණු කර ඇති නිසා, මානව වර්ගයාගේ අස්පෘශ්‍ය සංස්කෘතික උරුම ලැයිස්තුවට මාරු කිරීමට ‍ කමිටුව තීරණය කළේ ය.

මේ වන විට චීනයේ සංස්කෘතික උරුම 44ක් යුනෙස්කෝව විසින් අස්පෘශ්‍ය සංස්කෘතික උරුම ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර, සමස්ත සංඛ්‍යාව අනුව එය ලොව පළමු ස්ථානය හිමි කර ගනී.