ඉකුත් අප්‍රේල් මාසයේ චීනයේ නිෂ්පාදිත විද්‍යුත් මෝටර් රථ සංඛ්‍යාව දහතුන් ලක්ෂ විසි දහසක් වන අතර එම කාලය තුළ අදාළ මොටර් රථ අලෙවිය ද දහතුන් ලක්ෂ හතලිස් හතර දහසක් විය. මෙම අගයන් පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේ දී වෙන් වෙන්ව 5.5%ක හා 9.7%ක වර්ධනයක් පෙන්නුම් කරන බව චීන මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සංගමය අද (11) නිකුත් කළ නවතම දත්තයන් හි දැක්වෙයි.
එම මාසයේ නිෂ්පාදිත නවතම විද්‍යුත් මෝටර් රථ අලෙවිය, නිෂ්පාදිත සමස්ත මෝටර් රථ අලෙවියෙන් 53.2%ක ප්‍රතිශතයකට ළඟා වී තිබීම ද විශේෂත්වයකි.