චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ නිල සංචාරයකට එක්ව සිටින ටජිකිස්ථාන ජනාධිපති Emomali Rahmon මහතා හමු වෙයි. අද (12) සවස බෙයිජිංහි මහජන මහා ශාලාවේදී එම හමුව පැවැත්විණ.
තම පැරණි මිතුරා වන Rahmon මහතා යළි හමුවීම සම්බන්ධයෙන් තමන් බෙහෙවින් සතුටු වන බව ෂී ජින් පිං මහතා සඳහන් කළේය. අද (12) පෙරවරුවේ බෙයිජිං විශ්වවිද්‍යාලය Rahmon මහතාට “ගෞරව මහාචාර්ය” යන පදවිය ප්රදානය කළ බවත්,එය චීන ජනතාව ඔහු සහ ටජිකිස්ථාන ජනතාව කෙරෙහි දක්වන ගෞරවය සහ මිත්‍රත්වය පිළිබිඹු කරන්නක් බවත් ෂී ජින් පිං මහතා පැවසීය. පොදු ඉරණමක් සහිත සමීප චීන-ටජිකිස්ථාන ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කර දෙරටේ ජනතාවට වඩා යහපත් ප්රතිලාභ සැලසීම සඳහා Rahmon මහතා සමග කටයුතු කිරීමට තමා කැමැත්තෙන් සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
