රාජ්‍ය නායකයන් අතර මනා සබඳතාවක් පැවතීම චීන-ඇමරිකානු සබඳතාවට මඟපෙන්වීමක් බව චීනය කියයි

රාජ්‍ය නායක දෙපළ අතර මනා සබඳතාවක් පැවතීම, චීන-ඇමරිකානු සබඳතාව සඳහා අත්‍යවශ්‍ය උපායමාර්ගික මඟපෙන්වීමක් බවත්, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ චීන නිල සංචාරය චීනය සාදරයෙන් පිළිගන්නා බවත් චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

එහි ප්‍රකාශක Guo Jiakun මහතා අද (13) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

ඇමරිකාව සමග එක්ව, සමානාත්මතාවය, ගෞරවය, පොදු-ජයග්‍රාහී බව සමගින් සහයෝගිතා පුළුල් කරමින් මතභේද පාලනය කොට කැලඹිලි සහගත ලෝකය වෙත වඩාත් වැඩි ස්ථාවරත්වයක් එක් කිරීමට චීනය සූදානම් බව ද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.