කොලොම්බියාව තුළ සාමකාමී පරිසරයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් එහි සාම මෙහෙයුම් සඳහා එක්ව සිටින, එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ කණ්ඩායමට සහාය ලබා දීමට චීනය ඉදිරිපත් වේ.
එක්සත් ජාතීන්ගේ චීන නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Geng Shuang මහතා මේ බව පැවසුවේ කොලොම්බියාවේ තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඊයේ (22) පැවති විවෘත රැස්වීමකදී ය.
“කොලොම්බියානු නායකත්වය සහ හිමිකාරීත්වය දරන” සාම ක්‍රියාවලියේ අඛණ්ඩ ප්‍රගතියක් ලබා ගැනීමට මෙන්ම සාමය සහ සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා චීනය මෙහිදී කොලොම්බියාවට වැදගත් වන සහය ලබා දෙනු ඇති බව ඔහු පැවසීය.
පසුගිය වසරේ කොලොම්බියාවේ සියලුම පාර්ශ්වයන් සාමය තහවුරු කිරීමට සහ ගොඩනැගීමට ඇති දැඩි අධිෂ්ඨානය ප්‍රායෝගික ක්‍රියාවන් බවට පරිවර්තනය කිරීමට එක්ව කටයුතු කර ඇති අතර සාම ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමේදී ඔවුන් ධනාත්මක ප්‍රගතියක් ලබා තිබීම Geng Shuang මහතා අගය කළේය. එමෙන්ම නව වසරේ දී කොලොම්බියාවේ සියලුම පාර්ශ්වයන් තම විශ්වාසය ශක්තිමත් කිරීමට, එකමුතුකම පවත්වා ගැනීමට සහ සාමය,සංහිඳියාව හා නව ප්‍රගතිය ලබා ගැනීමට හැකි වනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.