යුනෙස්කෝ සංවිධානය නව ගෝලීය භූ උද්‍යාන 12ක් අනුමත කරමින් ඊයේ (23) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. චීනයේ Changshan ගෝලීය භූ උද්‍යානය සහ Siguniang කන්ද ගෝලීය භූ උද්‍යානය ඊට ඇතුළත් වේ.
ගෝලීය භූ උද්‍යාන ජාලයේ ප්‍රධාන ධාවකයෙකු බවට චීනය පත්ව ඇති බව යුනෙස්කෝ සංවිධානයේ පෘථිවි විද්‍යා හා භූ උද්‍යාන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා මාධ්‍ය හමුවකදී පැවසීය. චීනය සාපේක්ෂව අංග සම්පූර්ණ ජාලයක් ස්ථාපිත කර ඇති අතර, බොහෝ රටවල් චීනයේ අත්දැකීම්වලින් ඉගෙන ගමිනින් සිටින බව ද ඔහු සඳහන් කර ඇත.
මේ වන විට, චීනයේ ගෝලීය භූ උද්‍යාන 51ක් පවතී. ලෝකයේ වැඩි ම ගෝලීය භූ උද්‍යාන ඇති රට ලෙස චීනය පවත්වා ගනී.
