චීනයට එරෙහි ඇමරිකාවේ මඩ ගැසීම්වලට චීනයේ දැඩි විරෝධය

චීනයේ කෘත්‍රිම බුද්ධි කර්මාන්තයේ ජයග්‍රහණවලට එරෙහිව ඇමරිකාව ගෙන යන මඩ ගැසීම්වලට චීනය දැඩි ලෙස විරුද්ධ වේ.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද (24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

ඇමරිකානු කෘත්‍රිම බුද්ධි රසායනාගාරවලින් බුද්ධිමය දේපළ “සොරකම්” කර ඇති බවට ඇමරිකාව මෑතකදී චීනයට චෝදනා කළේය.

ඒ සම්බන්ධයෙන් Guo Jiakun මහතා පැවසුවේ, ‍ඇමරිකාවේ ප්‍රකාශ පදනම් විරහිත වන අතර එය චීනයේ කෘත්‍රිම බුද්ධි කර්මාන්තයේ සංවර්ධන ජයග්‍රහණයන්‍ට එරෙහිව මඩ ගැසීමක් ද වන බවයි.

චීනයට එරෙහි තාක්ෂණික මර්දනය නවත්වන ලෙසත්, දෙරට අතර තාක්ෂණික හුවමාරු සහ සහයෝගීතාව ප්‍රවර්ධනය සඳහා තවත් කාර්යයන් ඉටු කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.