චීනයේ වසන්ත උත්සව සමයේ බොක්ස් ඔෆිස් ආදායම වාර්තාගත ලෙස ඉහළට

2025 වසරේ චීනයේ වසන්ත උත්සව සමයේ චිත්‍රපට බොක්ස් ඔෆිස් ආදායම පෙබරවාරි 3වැනිදා වන විට, යුවාන් බිලියන 8.02 දක්වා ඉහළ ගොස් ඇති අතර එය ඉතිහාසගත වන වාර්තාවක් බව චීනයේ ජාතික චිත්‍රපට පරිපාලනයේ වාර්තා පවසයි. ඒ අතරින්,  ” Ne Zha 2″ චිත්‍රපටය යුවාන් බිලියන 3.8ඉක්ම වූ ආදායමක් ද ” Detective Chinatown 1900″ සිනමාපටය යුවාන් බිලියන 2කට ආසන්න ආදායමක් ඉපැයීමට ද සමත්ව තිබේ.

මේ වන විට, මෙම වසරේ චීනයේ ප්‍රදර්ශනය කෙරුණු සමස්ත චිත්‍රපට බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 9.8 ඉක්මවා ඇති අතර, එය උතුරු ඇමරිකානු මහාද්වීප බොක්ස් ඔෆිස් ආදායම ද අභිබවා ගොස් ලොව පෙරමුණ ගෙන ඇත.