බ්‍රික්ස් රටවල මැද පෙරදිග කටයුතු පිළිබඳ නියෝජ්‍ය විදේශ ඇමතිවරුන්ගේ හෝ විශේෂ දූතයන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාව පසුගිය 23 වැනිදා සිට 24 වැනිදා දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්විණ. මැදපෙරදිග ගැටලුව පිළිබඳ චීන විශේෂ නියෝජිත Zhai Jun මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් චීන නියෝජිත පිරිසක් ද එයට සහභාගී විය.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෑතකදී මැදපෙරදිග සාමය හා ස්ථාවරත්වය පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය සඳහා යෝජනා 04ක් ඉදිරිපත් කළ අතර, එය මැදපෙරදිග යුද්ධය සමථයකට පත් කිරීමට සහ වත්මන් අර්බුදය විසඳීමට චීන විසඳුමක් සපයා දුන් බව Zhai Jun මහතා එහිදී පැවසීය.
බ්‍රික්ස් රටවල් ස්වාධීනත්වය,සාධාරණත්වය හා යුක්තිසහගතභාවය රැක ගනිමින්,තවදුරටත් එකඟතාවන් එක්රැස් කර, ඒකාබද්ධ ශක්තිය ගොඩනගා, මැද පෙරදිග හා ලෝක සාමය සඳහා ධනාත්මක ස්ථාවර බලයක් ගොඩනැගීමට බ්‍රික්ස් රටවල් එක් විය යුතු බව ඔහු පැවසීය.
ලබන වසරේ චීනය බ්‍රික්ස් සභාපතිත්වය දරන කාලය තුළ මැද පෙරදිග කටයුතු පිළිබඳව අඛණ්ඩව සාකච්ඡා කිරීම සඳහා මෙම අවස්ථාවට සහභාගී වූ සියලු පාර්ශ්වයන් එකඟ විය.